Thursday, July 14, 2011

සෙනෙහසට ඉව අල්ලන

 
සෙනෙහසට ඉව අල්ලන

 Trail

මිනිස්සු මිනිස්සුන්ට කොච්චර ආදරේද කියල මේ දවස්වල රට පුරා පරීක්ෂණයක් කෙරෙනවා. දෙවුන්දර තුඩුවෙ ඉදලා පේදුරුතුඩුව දක්වා දිවෙන කිලෝ මීටර් සිය ගණනක වපසරිය තුළ ජීවත්වෙන පිරිසක් මේ සදහා පරීක්ෂණයට භාජනය කෙරෙනවා.මේ පරීක්ෂණයේ ප්‍රතිපලයෙ වර්ගපලයට සාපේක්ෂව යාපාපටුනෙ යළි ගොඩ නැගෙන මනුස්ස ජීවිත එක්ක මේ රටේ මිනිස්සුන්ගෙ සහජීවනය පදනමේ තබලා ලක්ෂ සංඛ්‍යාත මිනිස්සුන‍් ගෙ යහපත වෙනුවෙන් පිළිකා රෝහලක් තැනෙනවා.

ඒ රෝහලෙ ගඩොලින් ගඩොල තැබෙන්නෙ උතුර දැවෙන්නට හේතු වූ අහිමි වූ සහෝදරත්වයේ සමානත්වයේ විශ්වාසය. ඒ නිසා ශරීරයට පීඩා දෙන පිළිකාව ඉක්මවා ගිය, සමාජීය පිළිකාව සුවපත් කරන අපූරූ ඹෞෂධීය ගුණයක් මේ රෝහලේ පියෙන් පිය රැදීම ජාතියට දේශයට කෙරෙන උත්තරීතරම පූජාවක්.

රෝහලට ආධාර කරන්න පුළුවන් මිනිස්සු වගේම, මේ ගමනට ශක්තියක් දෙමින් විවිධ ආකාරයේ උදව් උපකාර කරන ප්‍රසාංගික සංදර්ශන වලින් දායකවන පිරිස වගේම විවිධ ආගමික, ජාතීන් සහ කුල ග්‍රෝත්‍රවලට අයත් සංස්කෘතීන් නියෝජනය කරන පිරිස් වගේම තමන් සතු පරිපාලනමය ශක්තීන් සහ හැකියාවන් යොදමින් රටට ආහිර්වාදයක් වන මේ පා ගමනට ශක්තියක් දෙන රාජ්‍ය සහ පෞද්ගලික අංශ වල නිලධාරීන් සේවක සේවිකාවන් දක්වන්නේ ද අමිල දායකත්වයක්.

දෙවුන්දරතුඩුවෙ ඉදලා පේදුරුතුඩුව දක්වා ජනතා‍වගෙ හෘදයාංගම බවට ඉව අල්ලන සහ එයින් ජාතික අවශ්‍යයතාවයක් පෝෂණය කරන මේ පා ගමනට රට වෙනුවෙන් දහඩිය වපුරමින් ක්‍රීඩාව පෝෂණය කරන පිරිස් ද දායක වෙනවා.මේ ප්‍රධාන ඡායාරූපයේ දැක්වෙන්නේ බොක්සිං ක්‍රීඩක මංජු වන්නිආරච්චි සහ පැරා ක්‍රීඩා අංගයක කාන්තා මීටර් 100 ඉසව්වක් වෙනුවෙන් ලෝක වාර්තාවක් උසුලන ඉන්දු කරුණාතිලක (දකුණු කෙළවර)  ඇතුළු පිරිසක් මේ පා ගමනට එක් වී සිටි අයුරුයි.  එසේම මෙ පා ගමනට අදාළ තවත් ඡායාරූප ද මේ සමග වෙනවා.